25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalජනතා දේපල විකිණීමට එරෙහිව අරගල කිරීමට ලෑස්තියි

ජනතා දේපල විකිණීමට එරෙහිව අරගල කිරීමට ලෑස්තියි

ජනතා දේපල විකිණීමට එරෙහිව අරගල කිරීමට ලෑස්ති බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර පවසයි.

අද 21 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර මේ බව පැවසීය .

වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර

ලංකා විදුලිබල මණ්ඩලය නිශ්චිතව සඳහන් කළා ඔවුන් මේ වෙද්දි ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා තමන් සතුව තියෙන එ යන්ත්‍ර උපරිම ධාරිතාවයෙන් කටයුතු කර ගෙන යනවා.
 යම්කිසි තැනක සුළු හෝ දෝෂයක් වුවහොත් විදුලි සැපයීම ඇනහිටීමට තියන ඉඩකඩ වැඩියි කියලා.

 ලංකා විදුලිබල මණ්ඩලයට තමන්ගෙ උපරිම ධාරිතාවයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න සිද්ධ වෙලා තියෙනවා.
 ඒකට ප්‍රධාන හේතුව විදුලිය නිෂ්පාදනය කරන ආයතන වලට අවශ්‍ය ඒ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ලබා ගැනීමේ බරපතළ අර්බුදයක් මේ වෙන විට නිර්මාණය වෙලා තියෙනවා.
 ජනාධිපතිවරයා පවා මේකට එක එක හේතු කියමින් ඉන්න තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
 පහුගිය දින කිහිපයේ ඇමැතිවරයා ඇවිල්ලා කියනවා විදුලිය කපන්නේ නෑ කියලා. හැබැයි ඒ ගිහිල්ලා පැයක් දෙකක් යන්න කලින් සමහර වෙලාවට කොහේ හරි බලාගාරයක දෝෂයක් වෙලා කොහේ හරි බලාගාරයක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා තෙල් නැතිවෙලා. ලංකාවේ කොහේ හරි ප්‍රදේශයක විදුලිය ඇනහිටීමක් සිද්ධ වෙලා.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකන් සමාගමකට දෙද්දී අපේ රටේ දේශප්‍රේමය පාවිච්චි කරලා බලයට පත්වෙච්ච මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු විමල් වීරවංශලා උදය ගම්මන්පිල මේ ඔක්කොම එක වේදිකාවක හිටගත්තා සටන් කරන්න පාරට බහිනවා කිව්ව යුගදනවි බලාගාරය දෙද්දී
 යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම් අත්සන් කළෙත් මහ රෑ. කැබිනට් මණ්ඩලයටත් නිසි දැනුම් දීමකින් තොරව.
 අර දේශප්‍රේමීන්ට ලොකුම ප්‍රශ්නය වුණේ මේක ඒගොල්ලන්ට කියන්නැතුව කෙරුව කියල.

 දැන් ඒ කෑගහපු උදය ගම්මන්පිල මහත්තයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවේ අයිඕ සී සමාගමට දෙනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ තව ටිකක් තියෙනවා
 ඊට පස්සේ ඉන්දියාවයි ලංකාවයි හවුල් සමාගමක් හරහා මේක පාලනය කිරීම සඳහා යනවා. මේක අත්සන් කරද්දි උදය ගම්මන්පිල මහත්තයාගේ දේශප්‍රේමය සරම අස්සෙන් පැනලා ගිහිල්ලා.

ලංකාවේ විදුලිබල මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැවිතෙල් දෙන්නෙ නැහැ කලින් තිබ්බ ණය ගෙවන්නේ නෑ කියලා පහුගිය කාලෙදි දැවිතෙල් දුන්නේ නැහැ
 එක වෙලාවක ජනාධිපතිවරයා මැදිහත් වෙලා තමයි දවස් කීපයකට විදුලිය නිෂ්පාදනය කරන්න තෙල් ලබා දුන්නේ.
 අයිඕසී සමාගම කිව්වා විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දෙන්න බැහැ කියලා.
 අයිඕසී සමාගම කියනවා විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්න බැහැ කියලා. අපි අඳුරේ සිටිය යුතුයි කියලා දැනට තීරණය වෙලා ඉවරයි.
 ඉදිරියේදී මේ රටේ බලශක්තිය හසුරුවන්නේ ඇමරිකාව ඉන්දියාව.. දැනටත් ඒ බලය ඉන්දියාවට ඇමරිකාවට හම්බ වෙලා තියෙනවා.
 ඛනිජ තෙල් බැරල් මිලියන අටක් ගබඩා කරන්න පුලුවන් සංකීර්ණය ක්‌ ඉන්දියන් සමාගමකට පවරනවා කියන එක මොන දේශප්‍රේමය ද කියලා අපි අහනව
 ජනාධිපතිවරයා රාජාසන කතාව කලානේ, පාර්ලිමේන්තුව ඇතුළේ අපි දන්නවනේ ඕවා ගෙනාවනම් සම්මත වෙනවා. ඒ ගොල්ලන්ටත් නොකිය කරපු එකට මේ රිදිලා තියෙන්නේ
 අපි අහන්නේ පාර්ලිමේන්තුවට වත් දාපු නැති ගිවිසුමක් අපේ රටේ මිනිස්සුන්ට දෙයිද

මේ සතිඅන්තයේ නිකුත් වෙන්න නියමිත ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය.
 ඩොලර් මිලියන 500ක ණයට දෙන ඉන්දියන් තෙල් ගන්න ඔක්ටේන් 92 91 කරයි. ඔබට මතක නම් චීන නැවක් ඇවිල්ලා, මේ රටේ විශේෂඥයෝ කිව්ව මේ පොහොර ගොඩ බාන්න එපා ලංකාවේ කියලා.
 දැන් ආපහු තෙවැනි පාර්ශවයක් ඕනද ඒකෙ පරීක්ෂණ කරන්න. බඩු ගන්න අපි කියනවා නම් බඩු හොඳ නෑ කියලා වෙළෙන්දට පුළුවන්ද අපිට බඩු දීලා අපෙන් බලෙන් සල්ලි අරගෙන යන්න.
 බලෙන් සල්ලි අරගෙන ගියා. ලංකාවේ ඩොලර් හිඟයි ඩොලර් හිගයි කියලා දවස ගානේ මතුරන විදෙස් සංචිත හිඟයි කියන ආණ්ඩුව චීන නැවට සල්ලි ගෙව්වා.
 චීනය අපිට බලපෑම් කරමින් ඉද්දි අන්න ඉන්දියාව මොකද කරල තියෙන්නෙ.
 ඉන්දියාව දෙන ණය වලට තෙල්  ගන්න ඔක්ටේන් 92  ඔක්ටේන් 91  කරන්න යන්නේ
 එක පැත්තකින් චීන බලපෑමට අපි යටත් වෙලා ඉන්නවා අනිත් පැත්තෙන් ඉන්දියා බලපෑමට අපි යටත් වෙලා ඉන්නවා.
 ජනාධිපතිවරයා රාජාසන කතාව කරල ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එළිදැක්වේ..
 ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයයි මේ දැන් වෙන දේවලුයි අතර ලොකු පරස්පරතාවයක් තියෙනවා
 එක්කෝ අපිට වැරදිලා අපි ඉන්නේ රටවල් දෙකක වෙන්න ඕනේ
 එක්කෝ අපි ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉන්න රටේ වෙන්න ඕන එක්කෝ විදුලිබල මණ්ඩලය ඒගොල්ලො ඉන්න රටේ වෙන්න ඕන. ඇත්ත ක තාව අපි දන්නවා අපි ඉන්නේ ලයිට් කපන රටේ.
 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොන රටේ ද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රාජාසන කතාවේදී හරි අපූරු ප්‍රකාශයක් කරනවා
 2030 අවුරුද්ද වෙද්දී ලංකාවේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පුනර්ජනන බලශක්තිය පත් කරනවලු.

 ඒ කියන්නේ අපි ඉන්න රටේ වෙන්න බෑනේ මෙයා ඉන්නේ.
 තව එකක් කියනවා ගල්අඟුරු බලාගාර නවත් වනවලු. අපි අහනව මුතුරාජවෙල අක්කර නමසිය චීන කොම්පැනියකට දුන්නේ මොකටද
 ගල් අඟුරු බලාගාර නවත්වනවා නම් මුතුරාජවෙල අක්කර නම සීයක භූමිය  චීන සමාගමකට දුන්නේ මොකටද
 ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ වෙන රටක
 ගෝඨාභය රාජපක්ෂ කියනවා විදෙස් රටවලට අධ්‍යාපනය විකුණන අවස්ථාව දෙනවා නම් අපිට ඩොලර් ගේන්න පුළුවන් ලු.
 මේක පුදුම කතාවක් නේ. ලංකාවෙන් පිට රටට වැඩිම ඩොලර් ඇදිලා යන්නේ විදෙස්ගත වෙලා ඉගෙන ගන්න විශාල පිරිසක් යනවා ඒ හින්දා තමයි මේ, තිබුණ ආණ්ඩු තියෙන ආණ්ඩු හැම එකම කියන්නේ
 අපි කියනවා ඔප්පු කරන්න. ස්ටුඩන්ට්   වීසා වලින් රට යන්නේ ඉගෙනගන්න නෙමෙයි.

කොළඹ වරායේ නැව් තෙල් අංගනය ජෝන් කීල්ස් සමාගම යටතේ තියෙන්නේ. හම්බන්තොට වරායේ නැව් තෙල් අංගනය චීනය යටතේ තියෙන්නේ. ත්‍රිකුණාමළ    වරායේ අර තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නට පස්සේ ඒකෙ නැව් තෙල් අංගනය ක්‍රියාත්මක කරවන්නේ පරිපාලනය කරවන්නේ ඉන්දීය සමාගම
 ලෝකෙ තියෙන ප්‍රධාන නැව් මාර්ගයක තමයි ලංකාව පිහිටල තියෙන්නෙ   ඒ ප්‍රධාන නැව් මාර්ගයේ තියෙන ලංකාවෙ විදේශ විනිමය හොඳමට ම ගේන්න පුළුවන් තැන ක්‌ මේ නැව් වලට තෙල් ගහන එක.
 ආයේ ලංකාවට විදේශ විනිමය ගේන්න ක්‍රමයක් තියෙනවද

මහ බැංකු අධිපති කියනවා ඩොලර් ප්‍රශ්නයක් නෑ කියලා, අර ඒ ඇමතිලා ටික තප්පුලනවා  මාර වැඩේ ඩොලර් නැති එක තමයි ප්‍රශ්නේ කියලා.
 නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරයා බොහොම පැහැදිලිව කිව්වා ලංකාව පුරා තියෙන ඉඩම් කෑලි 50ක් ඉදිරියේදී දේශීය විදේශීය ආයෝජකයින්ට දෙනවා කියලා.
 ඒකෙ තියෙන ප්‍රධානතම ආයෝජනයන් දෙකක් තමයි පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල.
 අපි මේ රටේ තරුණ ප්‍රජාව ගෙන් අහනවා චීනය මේ රටේ ජනතා දේපල ටික අත්පත් කර ගද්දි, මේ ආණ්ඩුවේ චීනයට ඒවා දෙන්න සැදී පැහැදී ඉන්නවා.
 ඒ තමන්ගේ අර්බුදය වහගන්න.
 ඉන්දියාවේ එක පැත්තකින් ඇවිල්ල මේ ජනතා දේපල ටික තමන්ට නතු කරගන්න දැවැන්ත උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.
 අපි මේ රටේ තරුණ පරම්පරාව ගෙන් අහනවා කාගෙන් වෙඩි කාලා මැරෙන්නේ කියලා තීරණය කරන්න වෙලා තියෙන්නේ අපිට දැන්.
 අපි ඇමරිකන් හමුදා සොල්දාදුවා ගෙන් වෙඩි කාලා මැරෙනවා ද ඉන්දියන් හමුදා සොල්දාදුවා ගෙන් වෙඩි කාලා මැරෙනවා ද නැත්තං අපි චීන ප්‍රහාර වලට ලක් වෙලා මැරෙනවාද
 අපිට තියෙන්නෙ ඕකනේ දැන්.
 ලෝකයේ බලය අල්ලන්න බලාගෙන ඉන්න ඇමරිකාව ඉන්දියාව චීනය ඇතුළු රටවල් අපිව තමන්ගේ අණසකට ගන්න යන්නේ.
 මේ පාලකයෝ ඇවිල්ලා ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ. මේ ඉන්නේ ඇමරිකාවේ රූකඩ මේ ඉන්නේ ඉන්දියාවේ රූකඩ මේ ඉන්නේ චීන රූකඩ.

 අපිට උත්තර දෙකයි තියෙන්නේ එක්කෝ අර විදිහට වෙඩි කාලා නින්දිත විදිහට මැරිල යන්න ඕනේ
 ජීවිතය දිනා ගැනීම සඳහා වෙච්ච සටනක් අරගලයක් තියෙනවා. අපි හිතනවා දැන් මේ වෙනුවෙන් තරුණ ප්‍රජාව මූලිකත්වය ගන්න ඕන

May be an image of 3 people, people sitting, people standing and indoor
May be an image of 3 people, people standing and people sitting