― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsLocalමහජනතාවට බලයක් - ජනවාරි 25 සිට 27 දක්වා කොළඹ සිට ගාල්ලට...

මහජනතාවට බලයක් – ජනවාරි 25 සිට 27 දක්වා කොළඹ සිට ගාල්ලට යන ජන පෙළගැස්ම

ඇත්ත බලාපොරොත්තුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් හෙට 25 උදෑසන සිට 27 වැනිදා දක්වා කොළඹ සිට ගාල්ලට යන “ඇත්ත බලාපොරොත්තුවක් මහජන ව්‍යාපාරයක්” වැඩසටහනක් සංවිධානය කල බවත් මහ ජනතාවට බලයක් හිමි කරන මහ ජන ව්‍යාපාරයක් ගොඩනැගීම මෙහි අරමුණ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

අද 24 දින කොළඹ සිට ගාල්ලට යන ජන පෙළගැස්ම පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

ඇත්ත බලාපොරොත්තුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් තියෙනව. හෙට දවස උදෑසන ඉඳලා 27 වැනිදා දක්වා කොළඹ ඉඳලා ගාල්ලට යන ජන පෙළගැස්ම නමින් වැඩසටහනක් අපි සංවිධානය කරලා තියෙනවා.
 මේ වන විට රටේ ආර්ථික සහ දේශපාලනය සමාජ අර්බුදයකට මුහුණ දීලා තියෙනවා.
 මේ සම්බන්ධව අපි පසුගිය කාලය පුරාම විටින් විට විටින් විට අනතුරු ඇඟවීම් කළා. මේ පාලකයෝ කණ්ඩායම් දෙකම රටක් විදිහට අපි ගලවාගත නොහැකි ණය අර්බුදයකට හිර කරමින් ඉන්නවා කියන එක අපි කිව්වා.
 සබන්බෝල සංවර්ධනය එක මොහොතක ඒකෙ ඇත්ත ජනතාවට වැටහෙනවා. දැන් ඇත්තටම අපි ඇවිල්ල තියෙන්නේ ඒ මොහොතට.
 විශාල ආර්ථික අර්බුදයක් අපි ඉස්සරහ පිට තියෙනවා. ආණ්ඩුව හදිසියේ මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් චීනයෙන් පිනට ගන්න අරගෙන තියෙන යෝජනාවට අනුව ඒ යෝජනාවේ ප්‍රතිඵලයක් විදිහට හාල් අර්බුදයකට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙයි. මේකෙන් වී මිළ තුට්ටු දෙකට බහිනවා.
 හාල් මෝල් මාෆියාව  වී මිල පාලනය කරනවා. මේ රටේ අති බහුතරයක් වෙච්ච සාමාන්‍ය ජනතාව හිතාගන්න බැරි විදියේ අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. උස්සලා පොලේ ගැහුවා වගේ තත්ත්වයක් ඇවිල්ලා.

ගෝඨාභය රාජපක්ෂලාට මේ ආණ්ඩුව පත් කරන්න තුනෙන් දෙකක බලයක් දීලා  හැට නම ලක්ෂය ඡන්දය දීලා අන්තිමට අවුරුදු දෙකක් යනකොට කරකියා ගන්න බැරි තත්වෙට ඇද වැටිලා.
 මේ අර්බුදය ඉස්සරහ පිට අපිට විසඳුමක් අවශ්‍යයි. අපිට පේනවා හැත්ත හතේ ඉඳලා අරගෙන ආපු ප්‍රතිපත්තියේ කිසිම ආකාරයක වෙනසක් ඒ වැඩපිළිවෙළේ පේන්නේ නෑ

දැන් අපිට අවශ්‍ය තවත් මුහුණ ඉස්සරහට දාන කැම්පේන් නෙමෙයි. තවත් සුපර් ස්ටාර්ස්ලා නෙමෙයි අපිට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගේන්න කරපු කැම්පේන් එකේ අපි දැක්කා කොහොමද එයාගේ රූපය මුහුණත් තහඩුව රට ඉස්සරහ පිට ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න ඒ ක කොහොමද මේකප්  කරේ  කියලා.
 ඒ මේකප්ශි ල්පීන්ටත් අද කරකියාගන්න දෙයක් නැති වෙලා.
 ප්‍රතිපත්තිමය වෙනසක් මේ රටට අවශ්‍යයි. මෙතෙක් අපි ගමන් කළ ප්‍රතිපත්තිය අනිත් පැත්ත හරවන ප්‍රතිපත්තියක් අවශ්‍යයි.
 බදු ලබාගැනීමේ ක්‍රමවේද යේම බරපතළ වෙනසක් වෙන මේ ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන. මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන විසඳුමක් අපිට අවශ්‍යයි. සමාජවාදී විසඳුමක් අපිට අවශ්‍යයි.
 මේවා ඇවිල්ල තියෙන පාර්ලිමේන්තුව අප්සට් උනහම, ජනාධිපතිවරයා ගේ බහුබූත වැඩ දැක්කා ඉන් පස්සේ ඡන්දෙ දීපු අය පවා තමන්ගේ අත්දෙක ඒකෙන් පිහි දාගන්න හදනවා  .
 ජනාධිපති වරයාට උමතු රෝගයක් තියෙනවා කියලා සමහරු කියනවා. එයාව පිස්සෙක් කරලා අනිත් අය ගැලවෙන්න හදනවා.
 අපි කියනවා පැහැදිලිව මේ පහුගිය මැතිවරණය ඡන්දෙ දීපු විදිහ දිහා ගත්තට පස්සේ මේ ඇවිල්ල තියෙන දේශපාලන ප්‍රතිඵලයට මේ ඇවිල්ල තියෙන ආර්ථික තත්වයට මේ පාලකයෝ වගකියන්න ඕන.
 හැබැයි ඒ වගේම මහජනතාවටත් යම්කිසි වගකීමක් තියෙනවා. මෙවැනි පාලකයෝ පත්වෙලා තියෙන්නේ අපේ ඡන්ද වලින් . ජනාධිපතිවරයා ගේ තියෙන උද්දච්ච ස්වරූපය සමහර තීරණ ක්‍රියාත්මක කරන්න හදන විදිය දැක්කට පස්සේ ඒකට ඡන්දෙ පාවිච්චි කරපු අය, ජනතාව ටත් අපි යෝජනා කරනවා  යම්කිසි විදිහක ස්වයං විවේචනාත්මක බැල්මක් අවශ්‍යයි.

සමාජවාදය ජනප්‍රිය නෑ. ඒක ජනප්‍රිය කළ යුතුයි. ජනතාවගේ ඔළු ගෙඩි වල වෙනසක් කරන්න අවශ්‍යයි. මේ හිතන පතන විදිය වෙනස් කලේ නැත්නම් ආපහු මේ හොරු ටිකම අනල ආපහු බෙදාගන්න එකක් තමයි හැදෙන ආණ්ඩුව අපි කැට තියලා කියනවා.

මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි මේ මොහොතේ ඉතා ප්‍රමුඛතාවන් සලකන කාරණය ඇයි මහජන ව්‍යාපාරයක් අවශ්‍ය.. මේ ඡන්ද ව්‍යාපාර ඇතුලේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන් කියලා හිතීම නැත්තං ඒ උත්තරය අවුරුදු හැත්තෑවක් තිස්සේ අසාර්ථක වෙලා තියෙනවා.
 ඡන්ද වලදී මොකක්ද සිද්ධ වෙන්නේ මිලියන ගණන් බිලියන ගණන් මුදල් පොම්ප කරනවා. ජන මනස විකෘති කරනවා. මේක 2025 ඒක අපිට බලන්න පුළුවන්..
 එක්කෝ බෝම්බ පුපුරවලා ඒක කරනවා එක්කෝ මීඩියා කැම්පේන් වලින් කරනවා. මේකට කැම්පේන් කරන්න ඒගොල්ලෝ දන්නවා. ඡන්දෙන් එහා ගිය විසඳුමක් සමාජයට අවශ්‍යයි. ඡන්දය සාධාරණ ලෙස පැවැත් වෙන්නෙත් නැති නිසා.
 ඡන්දෙ දීපු අයට ගලේ පහරපු බළලුන්ට වෙච්ච දේ සිද්ධ වෙලා තියෙන්නෙ. මහජනතාවට බලයක් අවශ්‍යයි. ඒ බලය ගොඩනැගිය යුතුව තියෙනවා. අන්න ඒ විසඳුම තමා අපි යෝජනා කරන්නේ.
 මහජනතාවගේ සංවිධානාත්මක බලය කියන එක අපි අවධාරණය කරනවා. නිකම්ම නිකං මහජනතාවට මොකුත් කරන්න බෑ.
 මහජන ව්‍යාපාරය මූලික වශයෙන් අපි ප්‍රතිපත්ති හයක් මත ගොඩනඟන්න බලාපොරොත්තු වෙනවා

පළවෙනි කාරණය අද වෙනකොට අපි විශාල උගුලක ඉන්නවා චීන ඇමරිකානු ඉන්දියානු ආධිපත්‍යය මැද්දේ.. විශේෂයෙන් අප වැනි රටවල් පරිධියේ රටවල්  තුන්වන ලෝකයේ රටවල්, මේ රටවල් වලට විශාල බලපෑමක් සිද්ධ වෙනවා අධිරාජවාදී බලපෑමක් සිද්ධ වෙනවා.
 අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් ඇතුලෙ තමා අද ලෝකයම නැටවෙන්නේ. මූල්‍ය ප්‍රාග්ධන ක්‍රියාවලියක් ඇතුළෙ තමයි අද ලෝකයම හසුරුවන්නේ, ඒ අධිරාජ්‍යවාදයට එරෙහි දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි.
 අපේ මේ මහජන ව්‍යාපාරය අධිරාජ්‍ය විරෝධී මහජන ව්‍යාපාරයක් වෙනවා එක පැත්තකින්.
 මේ මහජන ව්‍යාපාරය නවලිබරල් වැඩපිළිවෙළට එරෙහි මහජන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. එක්දාස් නවසිය හැත්තෑ හතේ හඳුන්වාදුන් මූල්‍ය ප්‍රාග්ධනය පෙරටු කොටගෙන ඉස්සරහට යන, රජය සතු සියලු දේවල් පුද්ගලීකරණය කරන, සියලු දේ වෙළඳපල භාණ්ඩ බවට පත් කරන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය  බැහැර කරන ප්‍රතිපත්තියක තමයි මේ මහජන ව්‍යාපාරය ගොඩනැඟෙන්නේ
 පහුගිය ඡන්ද වලත් අපි දැකපු ජාතිවාදය, ජාතිවාදය පාවිච්චි කරලා ඡන්ද ගොඩ ගහන ජාතිවාදය පාවිච්චි කරලා මිනිස්සු එකිනෙකා ගහගන්න සලස්වන ඒ හරහා තමන්ගේ දේශපාලන බලය පවත්වන ජාතිවාදයට එරෙහිව වැඩ කරන ව්‍යාපාරයක් බවට මේ මහජන ව්‍යාපාරය පත්වෙනවා.
 ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පොලිසිය ඇතුලේ මිනිස්සු මැරෙනවා, උද්ඝෝෂණ කරද්දි උද්ඝෝෂණ වළක්වන්න කටයුතු කරනවා. උද්ඝෝෂණ වලට පහර දෙනවා, වේගයෙන් සිද්ධ වෙමින් තියෙන මිලිටරීකරණය ඇතුලේ රට ඉස්සරහ විශාල අභියෝගයක් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තියෙනවා.

 පරිසරය සම්බන්ධයෙන් විශාල අභියෝගයක් තියෙනවා. මේ අර්බුද ඉස්සරහ පිට ලාභය හොයාගෙන යන ධනකුවේරයන් පැති දෙකකට පහර දෙනවා. සාමාන්‍ය මිනිසුන්ගේ ශ්‍රමය කොල්ල කනවා. ස්වභාවික සම්පත් කිසිම අනුකම්පාවකින් තොරව විනාශ කරනවා.

 සිංහරාජය නිකම්ම නිකං කැලයක් කියලා කිව්වා. පහුගිය කාලේ නැවේ ප්‍රශ්නය ගැන කතා වුණා. අපේ රටේ මුහුදු තීරය කොච්චර අභියෝගයට ලක් උනාද ..
 පරිසරය කොල්ල කන ආර්ථිකයක් තියෙන්නෙ.
 සමාජ පසුගාමිත්වය ට එරෙහිව, සමාජ පසුගාමිත්වය විවිධ කාරණා හරහා පිළිබිඹු වෙනවා. ඒ සමාජ පසුගාමිත්වය ට එරෙහිව විශාල සමාජයේ මැදිහත්වීමක් අවශ්‍යයි. නැතුව මේ රට මේ තියෙන පියවරෙන් ඉස්සරහට ගෙනියන්න බෑ.
 මේ කාරණා මූලික කරගෙන තමයි අපි මහජන ව්‍යාපාරය ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ.
 ඒ මහජන ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙරටුගාමී කාර්යභාරය කරනවා ..
 අපි හෙට උදෑසන 9ට ආරම්භ කරනවා කොළඹින් හෙට සිට 25 26 27 දවස් තුන අපි ගාල්ල දක්වා ගමන් කරනවා. අත් පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කරමින් ජන පෙළගැස්ම කියන වැඩසටහන අපි සංවිධානය කරලා තියෙනවා.
 සංස්කෘතික අංග ගණනාවක් අපි මේ වැඩසටහන සමඟ සම්බන්ධ කරලා තියෙනවා.. තව අවුරුදු තුනක් යනකම් මේ වේදනාව ඉවසන්න පුළුවන්ද කියලා අපි ජනතාවගෙන් අහනවා ..
 පහුගිය දවස්වල අපි මීළඟ බලය නමින් රැස්වීම් මාලාවක් පැවැත්වූවා. ඡන්දෙන් එහා ගිය විසඳුමක් මේ සමාජයට අවශ්‍යයි.