27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBitcoin අගය සීඝ්‍ර ලෙස පහළට

Bitcoin අගය සීඝ්‍ර ලෙස පහළට

ලොව විශාලතම සහ ජනප්‍රියම අන්තර්ජාල මූල්‍ය ඒකකය වන බිට්කොයින් වෙළඳපොලේ බරපතල කඩාවැටීමක් සිදුව තිබේ.

ඇමරිකානු එක්සත් ජනපද ෆෙඩරල් මූල්‍ය සංචිතයේ පොලී අනුපාතයන් හිටි හැටියේ ඉහළ දැමීම මෙම හදිසි කඩා වැටීමට ප්‍රධානම හේතුව බව ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයින් පවසයි.

බිට්කොයින් ඒකකයක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අමරිකානු ඩොලර් 69,000කට නියම කෙරුණු මිල ඊයේ (23) වනවිට ඇමරිකානු ඩොලර් 35,000ක මට්ටමට ආසන්නව පැවතිනි.

ඒ අනුව ඊයේ බිට්කොයින් මූල්‍ය ඒකකයේ සියයට 4ක බිඳවැටීමක් පෙන්නුම් කෙරේ. මේ හේතුවෙන් බිට්කොයින් මෙන්ම අනෙකුත් අන්තර්ජාල මූල්‍ය ඒකක අගයන්ද පහළ වැටීමේ අවදානමකට ලක්ව තිබේ.