26.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ මුද්‍රණාලයෙනුත් කොරෝනා පොකුරක්

රජයේ මුද්‍රණාලයෙනුත් කොරෝනා පොකුරක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත සමග එහි අංශ තුනක් වසා දමා ඇත.

එහි තවත් සේවකයන් 50 දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක් කොට ඇති නිසා මුද්‍රණාලයේ බොහෝ අංශවල කටයුතුවලට බාධා මතුව තිබේ.

නිරෝධායනයට යොමු කෙරුණු සේවක පිරිස කොටස් වශයෙන් ගෙන්වා රාජකාරියේ යෙදවීමට බලාපොරොත්තු වේ.