― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගින්නකින් ජීවිත 3 ක් බේරාගත් පොඩිත්තෝ

ගින්නකින් ජීවිත 3 ක් බේරාගත් පොඩිත්තෝ

අදාළ සිද්ධිය සිදු වී තිබෙන්නේ එංගලන්තයේ ය. ගිනි ගනිමින් තිබෙන නිවසක සිරව සිටි ජීවිත 3 ක් බේරා ගැනීමට දරුවන් දෙදෙනෙක් සමත් වී තිබෙනවා.

ඇන්තොනි ලොම්බර්ඩි (12) හා මේරියෝ කොමෙල්ලා (13) යන දරුවන් දෙදෙනා විසින් මෙම වීර ක්‍රියාව සිදුකර තිබෙනවා.

ඔවුන් දෙදෙනා තම මිතුරෙකුගේ නිවසක් පසුකර යන අවස්ථාවේ නිවසේ ගිනි ගැනීම් පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥාව නාද වී ඇත.එම අවස්ථාවේ ඔවුන් නැවත එහි පැමිණ ඉතා ඉක්මණින් ඔවුන්ගේ මිතුරාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ.

එහිදී ලැබෙන රහස් අංකය භාවිත කර නිවසේ ඉදිරිපස දොර විවෘත කරගන්නා මෙම දරුවන් නිවසේ සිරවී සිටි සුනඛයන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වෙයි.