31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූ රැජිනක් සිය දිවි නසාගනියි

රූ රැජිනක් සිය දිවි නසාගනියි

අමෙරිකානු රූ රැජින ක්‍රිළ දිනූ චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන්හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත්ව ඇති අතර උදෑසන 7ට පමණ ඇයගේ සිරුර නිවාස සංකීරණය අසළ පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇත.

එය සිය දිවි නසාගැනීමක් බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදීය.