26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිදේශිය දුම්වැටි තොගයක් සමඟ මීගමුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශිය දුම්වැටි තොගයක් සමඟ මීගමුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් ලද තොරතුරක් මත මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

දුම්වැටි 1600ක් පමණ මෙරටට ගෙන්වා තිබියදී එලෙස සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 46 හා 52 පසුවන මීගමුව හා කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණන වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.