― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal6 වසරේ සිසුවියක් කොරෝනාවට බිලිවෙයි

6 වසරේ සිසුවියක් කොරෝනාවට බිලිවෙයි

06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඊයේ (30) මියගොස් තිබේ.

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ අධ්‍යාපනය හැදෑරූ එම දැරිය මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවිය මෙසේ මියගොස් ඇති අතර මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට අුැතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.