26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාව හා ඇමරිකාව අතර ගැටුම්

රුසියාව හා ඇමරිකාව අතර ගැටුම්

යුක්‍රේන අර්බුදය හේතුවෙන් රුසියාව සහ ඇමෙරිකාව අතර මේ දිනවල ඇත්තේ දැඩි මත ගැටුමකි.

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති අර්බුදය සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබුණු අතර එහිදී මෙම මත ගැටුම උත්සන්න වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

දෙපාර්ශවයේ තානාපතිවරු එම හමුවේදී අවලාද නගමින් චෝදනා කරමින් එකිනෙකා බැනගත් බව සඳහන් වෙයි.

අමෙරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් ග්රීන්ෆීල්ඩ් පැවසුවේ රුසියානු හමුදා ඒකරාශී වීම මෑත ඉතිහාසයේ යුරෝපයෙන් වාර්තාවූ විශාලතම හමුදා කැඳවීම බවය.නමුත් රුසියානු තානාපති පැවසුවේ රුසියාවේ කටයුතු වලට අමෙරිකාව මැදිහත්වන බවය.

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එරටට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකාව සහ එක්සත් රාජධානිය පවසයි.