සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ නගර සීමාවේ කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් පිළිබඳව අද (02) විශේෂ අනාවරණයක් සිදුකෙරුණා.
එහිදී කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී තිබෙන අතර මරණ 4%කින් වැඩිවී ඇති බවය.
“ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ වාර්තා වී ඇති සියලුම කොවිඩ් මරණ අපි විශ්ලේෂණය කළා. මා දැක්ක දෙයක් තමයි එහිදී මියගිය සියලුදෙනාම එක්කො එක මාත්‍රාවක්වත් ලබාගෙන නෑ. නැත්තම් එක මාත්‍රාවක් පමණයි අරගෙන තියෙන්නේ. අසම්පූර්ණ එන්නත්කරණයක්. ඇතැම් අය මාත්‍රා දෙකම අරගෙන. නමුත් කාලය ගතවෙලත් බූස්ටර් එන්නත අරගෙන නැති අය. මේ වර්ෂය තුළ මියගිය අයගෙන් එකම පුද්ගලයෙක්වත් තුන්වන මාත්‍රාව අරගෙන තිබුණේ නෑ.”
“කොළඹ ජාත්‍යන්තර පාසල් තුළ ෆයිසර් එන්නතට 90%ක උනන්දුවක් තිබුණා. නමුත් රජයේ පාසල්වල මෙම ප්‍රතිශතය තිබුණේ 50%යි.”
“අවුරුදු 14ක දැරියක් මියගියා කොවිඩ් ආසාදනය වෙලා. ඇයත් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබුණේ නෑ.”


