30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගර්භණී හෙදියන් නිවාඩු ඉල්ලා පාරට බසියි

ගර්භණී හෙදියන් නිවාඩු ඉල්ලා පාරට බසියි

ගර්භණී හෙදියන් සඳහා වූ නිවාඩු යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.

විරෝධතාකරුවන් පවසන්නේ, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පමණක් හෙදියන් 25 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ය. එවන් පසුබිමක ජනවාරි මස 03 වනදා සිට සාමාන්‍ය පරිදි හෙදියන් සේවයට කැඳවූ නමුත් ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් ගර්භණී හෙද නිලධාරීන් බරපතළ අනතුරකට මුහුණ දීමට සිදුවන බව ය.