26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalග්‍රෑන්ඩ්පාස්හි නිවසක රහස් බංකරයක් තුළ තිබි හමු වූ දේ

ග්‍රෑන්ඩ්පාස්හි නිවසක රහස් බංකරයක් තුළ තිබි හමු වූ දේ

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක තිබූ රහස් බංකරයක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ රුපියල් මිලියන 04ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 04ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම රහස් බංකරය යොදාගෙන අපරාධ සිදුකර අතිද යන්න පිළිබද තවදුරටත් ප්‍රශ්න කිරීම් හා විමර්ශන කටයුතු සිදුකෙරෙන අතර මෙම විමර්ශනයේදි විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන 02ක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම මහතාගේ උපදෙස් පරිදි පසු මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.