ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයේ අද (02) අලුයම රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එරට කාලගුණ ඒජන්සිය පවසයි.
මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඔවුන් අවධාරණය කරන අතර මෙම භූමිකම්පාව ඉන්දුනීසියානු වේලාවෙන් අලුයම 4:25ට සිදුව ඇත. එහි අපිකේන්ද්‍රය මලුකු බරත් ඩායා දිස්ත්‍රික්කයට කිලෝමීටර් 86 ක් ඊසාන දෙසින් සහ මුහුදු පත්ල යට කිලෝමීටර් 131 ක් ගැඹුරින් ඇතිව තිබෙන බව දැක්වේ.
මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ සිදුව ඇති හානි පිළිබඳ වාර්තාවක් මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


