31.7 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරොබෝවරුන් මගින් ධාවනය වන කුලී රථ

රොබෝවරුන් මගින් ධාවනය වන කුලී රථ

ස්වයංව ධාවනය කෙරෙන මෝටර් රථ සඳහා අමෙරිකානු බලධාරීන් නීති රීති හඳුන්වාදීමට සැරසුනද එම මෝටර් රථ සමාගම් තම තාක්ෂණය යොදාගෙන මුදල් ඉපයීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ‘ටෙස්ලා සමාගම’ සහ ‘ජෙනරල් මෝටර්ස්හි කෲස්’ නම් සමාගම රොබෝ භාවිතයෙන් ක්‍රියාත්මක කෙරෙන මෝටර් රථ නිෂ්පාදනයෙහි පෙරමුණ ගෙන තිබෙන අතර කෲස් සමාගම පවසන්නේ ‘රොබෝ භාවිතයෙන් ධාවනය කෙරෙන කුලී රථ එළිදැක්වීම සඳහා’ සොෆ්ට්බෑන්ක් සමූහය ඩොලර් බිලියන 1.35ක් ආයෝජනය කිරීමට එකඟවූ බවයි.

මිනිස් රියදුරෙක් රහිතව ධාවනය කෙරෙන කුලී රථ සඳහා මුදල් අය කිරීමට කෲස් සමාගමට තවත් එක් බලපත්‍රයක් අවශ්‍ය වන බැවින් කැලිෆෝනියා මහජන උපයෝගිතා කොමිසමෙන් එම බලපත්‍රය ලබාගත් විට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ රොබෝවරුන් මගින් ධාවනය කෙරෙන කුලී රථ සේවයේ යෙදවීමට එම සමාගමට හැකියාව පවතී.

රියදුරන් රහිතව ධාවන කළ හැකි මෝටර් රථ නිෂ්පාදනය සඳහා කෲස්, ටෙස්ලා, ඇල්ෆබේට්, වේමෝ සහ අවෝරා වැනි සමාගම් පෙරමුණ ගෙන සිටින අතර ඔවුන් වෙනුවෙන් වෙනත් සමාගම් රැසක් විශාල මුදලක් ආයෝජනය කර ඇත.

මෙම නව තාක්ෂණය සහිත රථ ඉදිරි වසර දෙක තුන තුළ අමෙරිකානු මාර්ගවල දැකිය හැකි වෙතැයි විශේෂඥයෝ පවසති.