25.6 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසතියකට අවශ්‍ය ඉන්ධන දෙන්න එකඟත්වයක්

සතියකට අවශ්‍ය ඉන්ධන දෙන්න එකඟත්වයක්

අද සිට සතියක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව සැපයීමට බලශක්ති අමාත්‍යංශය එකඟ වී තිබේ.

අද (02) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සමග සෙසු පාර්ශ්ව පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව අද (02) සිට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන දැවි තෙල් හිමිවේ.

ඉන්ධන අර්බුදය නිසා නොරොච්චෝලේ, සපුගස්කන්ද සහ කැළණිතිස්ස මෙන්ම කොළඹ පිහිටි බලාගාරයක්ද වරින්වර අක්‍රීය වීමට භාජනය වන අතර ඒ හෙතුවෙන් දිවයිනෙ බොහෝ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදුකෙරේ.