31 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයට කෝටි 210 ක අමතර වියදමක්

විදුලිබල මණ්ඩලයට කෝටි 210 ක අමතර වියදමක්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 2,100ක අමතර වියදමක් දැරීමට සිදුව ඇත. අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඩීසල් සහ තාප බලාගාරවලින් විදුලි ජනනය කිරීමට සිදුවීම මීට හේතුවී තිබේ.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිද වැටීම හේතුවෙන් මෙවර ප්‍රශ්නය උඝ්‍ර වී ඇති අතර ඒ අනුව වෙනදාට පැය 03 ත් 04ත් අතර කාලයක් ක්‍රියාත්මක කරන අධික පිරිවැයක් දැරීමට සිදුවේ.

එම නිසා විදුලි බලාගාර පැය 15 ත් 18 ත් අතර කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙන අතර විදුලි ඉල්ලුම අඩු රාත්‍රී 10 සිට අලුයම 05 දක්වා කාලය තුළද බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීමත් සමඟ ඒ වෙනුවෙන් අමතර වියදමක් දැරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇත.