― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් ගාස්තුවත් වැඩි වෙයිද?

බස් ගාස්තුවත් වැඩි වෙයිද?

අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

පෙරේදා (06) හින්දු සංස්කෘතික ශාලාවේදි පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඉන්ධන හා අමතර කොටස් මිල ගලපා ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කර තිබෙනවා. බස් ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමේදී එම සූත්‍රයට අනුකූලවම එය සිදු නොකර ජනතාවට යම් සහනයක් ලබාදීමට පියවර ගන්නවා. අවසන් වරට ගාස්තු වැඩි කිරීමේදී මෙවැන්නකට නොගොස් මිල සූත්‍රයට අනුවම ගාස්තු ඉහළ නැංවූවා. එවැනි වැඩි කිරීමක් සඳහා අවසර ලබා දුන්නේ නැවත ඉන්ධන මිල ඉහළ ගියහොත් ගාස්තු ඉහළ දැමීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි නිසයි.”