26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරුන්දිකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් අද අධිකරණයට

අරුන්දිකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් අද අධිකරණයට

පසුගිය 01 වැනිදා රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 06 දෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (07) ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර ඇත.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වැනිදා සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 04 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කළ අතර වත්තල මහේස්ත්‍රාත් අධිකර්ණය පසුගියදා නියෝග කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුත්‍රයා සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු ඇතුලු 06 දෙනෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.