24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරැදවියන් තිදෙනෙක් උසස් පෙළ ලියයි

රැදවියන් තිදෙනෙක් උසස් පෙළ ලියයි

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනක් අද (07) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 43ක හා 46ක සිරකරුවන් දෙදෙනකු හා වයස අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු එලෙස විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් තිදෙනා විභාගයට පෙනී සිටීමට නියමිතය.

විවිධ චෝදනාවලට ලක් වී බන්ධනාගරගතව සිටින සිරකරුවන්, සැකකරුවන්, පුනරුථාත්පන සංකල්පය සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් සහිත සිරකරුවන් හා සැකකරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු කරවමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ බව බන්ධනාගාර කොමසාරිස් පවසයි.