27.8 C
Colombo
Saturday, September 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම ඇරඹේ

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම ඇරඹේ

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහන ඉන්දියාවේ ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව් – ඩී එන්නත ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලෙස සැලකේ.

වෛරසයේ ජානමය කොටසක් යොදාගනිමින් නිපදවා ඇති මේ එන්නත මාත්‍රා තුනකින් සමන්විතය. පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත්, ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබාදෙයි.

මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම පසුගිය සිකුරාදා ආරම්භ කළේය.