― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ ඇමති ඉන්දියානු සංචාරයක

විදේශ ඇමති ඉන්දියානු සංචාරයක

තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ඊයේ (06) ඉන්දියාවට පැමිණියේය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා හමුවීමට නියමිතය. තවද ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ජනවාරි මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මුදල් අමාත්‍යවරයා සමඟ මාර්ගගත අතථ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක් සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය පහසුකම දීර්ඝ කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර ඇත.

සාක් ව්‍යවහාර මුදල් හුවමාරු විධිවිධාන යටතේ ඇමරිකානු ඩොලර් 400 ශ්‍රී ලංකාවට දීර්ඝ කිරීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) පියවීම මාස දෙකකින් ඩොලර් මිලියන 515.2 ක් කල් දැමීම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා මෙම හමුවේදී ධනාත්මකව සටහන් කර ඇත.

ඉන්දීය රජය පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට අනෙකුත් ගෙවුම් ශේෂ ආධාරවලට අමතරව ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්ද ලබාදුන් අතර ඉන්දියාව සිය කොවිඩ්-19 සහය යටතේ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test) 100,000ක තොගයක් ශ්‍රී ලංකාවට එවා ඇත. ඉදිරි දිනවලදී තවත් එවැනි කට්ටල බෙදා හරින බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.