― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසතොස සේවකයන්ට 5000 දීමනාව ලැබී නැහැ

සතොස සේවකයන්ට 5000 දීමනාව ලැබී නැහැ

ලංකා සතොස සේවකයින්ට රජයෙන් ලබා දීමට නියම කළ රුපියල් 5000 දීමනාව මෙතෙක් ලැබී නැතැයි සතොස සේවකයින් චෝදනා කරයි.

දිවයින පුරා පිහිටි 450කට ආසන්න සතොස අලෙවිසැල් ජාලයට අනුයුක්තව සේවය කරන 4500කට අධික සේවකයින් සහ ඊට අනුබන්ධ ආයතනවල සේවකයින්ට මෙම දීමනාව ලැබී නැතැයි ඔවුන් අවධාර්ණය කරයි.

කොරෝනා වසංගත සමයේදි අලෙවිසැල් විවෘත කර දිවි පරදුවට තබා රාජකාරි කළ තමන්ට මෙම රුපියල් 5000 දිමනාව නොගෙවීම බලවත් අසාධාරණයක් බවත් එම වසංගත සමයේ සතොස අලෙවිසැල් විවෘත කර සිදුකළ වෙළඳාමෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදි පමණක් බිලියන 04ක ලාභයක් උපයා දීමට සතොස සේවකයන් සහය දැක්වූ බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.