26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal12 හැවිරිදි දැරියට මරු කැඳවූ අනතුර

12 හැවිරිදි දැරියට මරු කැඳවූ අනතුර

ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හීනපහුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් දැරියක් මියගොස් තිබේ.

මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර මියගිය දැරියගේ පියා බරපතළ තුවාල ලබා ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ රණ්දෙණිය, වැල්ලවාය ලිපිනයේ පදිංචි වයස අවුරුදු 12ක පාසල් දැරියක් බව වැල්ලවාය පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.