― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews15 හැවිරිදි දැරියව අඹුකමට ගත් පොලිස් කොස්තාපල්

15 හැවිරිදි දැරියව අඹුකමට ගත් පොලිස් කොස්තාපල්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි අධිවේගී පිවිසුමක රාජකාරි කරන කොස්තාපල්වරයෙකි. ඔහු දෙදරු පියෙක් වන අතර දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. දූෂණයට ලක්වූ දැරියගේ 44 හැවිරිදි මව සමග සැකකාර කොස්තාපල්වරයා වසර නවයක සිට අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇය පදිංචි පොලිස් බල ප්‍රදේශයේ නිවසකදී මීට මාස හයකට පමණ ඉහතදී දැරිය දූෂණයට ලක්කර ඇති බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එකී නිවස තුළ දැරියගේ මව, මෙන්ම රෝගීව සිටින මිත්තණිය සහ දැරිය පමණක් පදිංචිව සිට ඇති අතර සැකකරු එකී මාස හයේදීම දින කීපයක් දැරිය දූෂණයට ලක්කර ඇති බව වෛද්‍ය පරික්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයා දැරිය සමග ලිංගිකව හැසිරෙන අයුරු ජංගම දුරකතනයෙන්ද වීඩියෝ කර ඇති බවට දැරිය සිදු කළ ප්‍රකාශයකින් හෙළි වී ඇත. සැකකරුගේ මෙම ක්‍රියාවට දැරිය අකැමැති වී ඇති අතර තම ජංගම දුරකතනයේ තියෙන අසැබි දර්ශන මුහුණු පොතට යොමු කරන බවට තර්ජනය කරමින් දැරියට සැකකරු මේ ආකාරයෙන් වරින් වර ලිංගික අතවර කර තිබේ.

සැකකරුගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැරිය මවට පවසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර තිබූ දැරියගේ මව ඇයට පවසා ඇත්තේ වෙනත් කාමරයකට ගොස් නිදාගන්නා ලෙස යයි විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

අනතුරුව දැරිය මේ පිළිබඳ විදේශගතව සිටින සමීප ඥාතිවරියකට දුරකතනයෙන් පවසා තමන්ට පිහිට වන ලෙස හඬාවැටී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව එම ඥාතිවරිය විසින් පොලිස් මූලස්ථානයේ සහන මැදිරිය වෙත දුරකතනයෙන් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඒ බව මොරගහහේන පොලිසියට කරන ලද දැනුම් දීමකින් අනතුරුව වහා ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය රෝහල් ගත කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. රෝහල්ගත කළ දැරිය වෛද්‍ය පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව දැරිය දූෂණයට ලක් වී ඇති බවට අනාවරණය විය. සැකකාර කොස්තාපල්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.