27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅධිවේගයේ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

අධිවේගයේ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

කොට්ටාව අධිවේගී පිවිසුමේ සිට ගාල්ල දෙසට දෙවන කිලෝමීටර කණුව අසළදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

ඊයේ (07) රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. ආපදාවක් හේතුවෙන් කන්ටේනර් රථයක් අධිවේගී මාර්ගයේ නවතා තබා ඇති අතර බස් රථයක් එම රථය ඉස්සර කර යෑමට උත්සහ කිරීමේදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් බසයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

අනතුරින් නවතා තිබූ කන්ටේනර් රථය, බස් රථයට හා මෝටර් රථයට හානි සිදුව තිබේ.