27.8 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalධනූ පුෂ්පිකාගෙන් මිලියන 200ක් ඉල්ලා නඩු දමයි

ධනූ පුෂ්පිකාගෙන් මිලියන 200ක් ඉල්ලා නඩු දමයි

විජය මාධ්‍ය ජාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ධනූ ඉන්නසිතම්බි විසින් ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වාට නීතිඥවරියක මාර්ගයෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා එන්තරවාසි ලිපියක් යොමු කර ඇත.

පුෂ්පිකා ද සිල්වා ඔහුට දුරකථනයෙන් තර්ජනය කළ බව චෝදනා කරමින් ඇයට එරෙහිව ඔහු පසුගියදා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව මෙම පිඅයවර ගෙන තිබේ.

මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන්හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් නිසා ධනු ඉන්නසිතම්බි වෙත ඇමතුමක් ලබාගත් පුෂ්පිකා ද සිල්වා ඔහුට තර්ජනය කර ඇති බව ඔහු පවසයි.

ඊට අමතරව ‘ටෘෘත් විත් චමුදිත’ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ පුෂ්පිකා අසත්‍ය ප්‍රකාශ කරමින් ධනු හට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇති බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ. චන්දිමාල් ජයසිංහ සමග ධනූ කළ සම්මුඛ සාකච්ඡාවට අදාළවද සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂසහගත සහ අසත්‍ය ප්‍රකාශ පුෂ්පිකා සිදු කළ බවට ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

ඒ හේතුවෙන් ධනු ඉන්නසිතම්බිගේ මාධ්‍ය කීර්ති නාමය පළුදු කර ඇති බවත් ඒ වෙනුවෙන් වරද නිවැරදි කර සමාව ඉල්ලා සිටිය යුතු බවත් නැතිනම් රුපියල් මිලියන 200 අලාභය ගෙවන ලෙසත් පුෂ්පිකා ද සිල්වා වෙත යැවූ ඉල්ලීම් ලිපියේ දැක්වේ.

මීට ඉහත හිටපු ලෝක විවාහක රූ රැජිණ රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහි මිලියන 500 ක එන්තරවාසි ලිපියක් යොමු කර තිබුනේ ‘ටෘෘත් විත් චමුදිත’ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ අසත්‍ය හා ද්වේශසහගත කරුණු පැවසූ නිසාය.