29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරේගුවේ ඇති අත්‍යවශ්‍ය බහාලුම් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

රේගුවේ ඇති අත්‍යවශ්‍ය බහාලුම් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ ඊයේ (07) දහවල් ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ තිබේ.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර ඇත. එළැඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙස නිලධාරින්ට දැනුම් දී තිබේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කූඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැගවීමට ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ නව කමිටුවට පැවරීය.