29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅමානුෂික ලෙස පුද්ගලයෙක් ඝාතනය කරයි

අමානුෂික ලෙස පුද්ගලයෙක් ඝාතනය කරයි

ගම්පහ පොලිස් වසමේ ලක්ෂ්මී පාර ප්‍රදේශයේ, නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (08) අලුයම් කාලයේදී ලක්ෂ්මි පාර ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවැසියා සහ තවත් දෙදෙනෙකු සමග ආරවුලක් ඇති කර ගෙන ඇති අතර එම ආරවුල දුරදිග යාමෙන් පසු නිවසේ සිටි පුද්ගලයා සහ තවත් දෙදෙනෙකුට යතුරුපැදිකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් තිදෙනා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. අනෙක් දෙදෙනා ගම්පහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලක්ෂ්මී පාර, ගම්පහ ප්‍රදේශයේ පදිංකිකරුවෙකි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 35 සහ 32 වයස්වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.