27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් සභාපතිවරයෙක්ට ඉල්ලා අස්වෙන්නැයි නියෝග

තවත් සභාපතිවරයෙක්ට ඉල්ලා අස්වෙන්නැයි නියෝග

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොල්, කිතුල්, රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ නියෝගයක් මත මෙම පියවර ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය 05 වැනිදා මෙම දැනුම්දීම සිදුකර ඇති අතර සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ලේකම්වරයා පවසයි.

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් භාවිතා කර තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ අතර මේ නිසා එම සිද්ධියේ වගකීම පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද දැරිය යුතු බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවට ජනාධිපති ලේකම් කාර්යාලය නියෝග කර තිබේ.

මෙම වාහනය භාවිතා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවද ලේකම්වරයා අවධාරණය කරයි.