26 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න පාප්වහන්සේ පෙරට

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න පාප්වහන්සේ පෙරට

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන යන සටනට ප්‍රැන්සිස් පාප් වහන්සේ සහයෝගය ලබා දෙන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් තමාගේ කනස්සල්ල සඳහන් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පාප් වහන්සේට ලිඛිතව දැනුම් දුන් බව ඊයේ (08) ඔන්ලයින් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියේය.

පාප් වහන්සේ අවශ්‍ය දේ කිරීමට සහාය ලබා දෙන බවට ප්‍රතිචාර දක්වා ඇති අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කතෝලික සභාව සිය නොසතුට පළ කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කතෝලික සභාවට අවශ්‍ය බව ප්‍රනාන්දු හිමියන් අවධාරණය කරයි.