27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ අලුත් බද්දට විරුද්ධව නිමල් සටන් වදියි

රජයේ අලුත් බද්දට විරුද්ධව නිමල් සටන් වදියි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ETF) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම්වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයට විරුද්ධ වීමට තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එම තීරණය මහාභාණ්ඩාගාරයට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බවත් එම බදු මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම අර්ථ නිරූපණය වැරදි හෙයින් එය නිවැරදි කළ යුතු බවද මේ සම්බන්ධයෙන් වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්නම් එය වෙනම විවාද කළ යුතු කාරණයක් බවද ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලින් මෙලෙස බදු අය කිරීමට විරුද්ධ වන බවයි.

ට්‍රිලියන 3ක මූල්‍යමය වටිනාකම් සහිත මෙම අරමුදල්වල ලාභය වූ බිලියන 25 ට සියයට 5 බැගින් බදු ගසා බිලියන 65ක මුදලක් තම ගෝලබාලයන්ට වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් මෙලෙස පික්පොකට් ගැසීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ඔහු පැවසුවේය.