29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසැකකටයුතු පාර්සල්වලින් මිලියන 19ක මත්ද්‍රව්‍ය

සැකකටයුතු පාර්සල්වලින් මිලියන 19ක මත්ද්‍රව්‍ය

කැනඩාව, නෙදර්ලන්තය හා අමෙරිකාව යන රටවල්වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවන ලද කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකටයුතු ලිපින භාවිත කරමින් එවන ලද පාර්සල් පහක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නැවත පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමුව ඇති අතර කොකේන් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක්ද එම පාර්සල්වල තිබී හමුව තිබේ. මෙම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වෙළෙඳපොළ වටිනාකම මිලියන 19කට ආසන්නයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකෙරේ. මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.