29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය බහාලුම් නිදහස් කරන්න ඩො.මි. 35ක් ඕනේ

අත්‍යවශ්‍ය බහාලුම් නිදහස් කරන්න ඩො.මි. 35ක් ඕනේ

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාලුම් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාලුම් 2,000කට ආසන්න ප්‍රමාණයක් සිරවී ඇති අතර ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මහබැංකුවට දැනුම් දුන්නේය. එම නියෝගය ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කළේය.