29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදරුවෙකුට දිවි අහිමි කළ මිත්‍යා විශ්වාසය

දරුවෙකුට දිවි අහිමි කළ මිත්‍යා විශ්වාසය

බඩල්ගමුව පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ, නිවසක කාමරයක් තුළ 10 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි.

බඩල්ගමුව ප්‍රදේශය පුරා හමාගිය දුර්ගන්ධය හේතුවෙන් සැක සිතී පොලීසියට ලද පැමිණිල්ලක් මත එම නිවස පරීක්ෂා කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම දරුවා පසුගිය 7 වැනිදා උගුරේ සෙම සිරවීමකින් අසනීප වී ඇති බවත් පසුව එම අසනීපය සුව කරගැනීමට දෙමාපියන් විසින් ඔවුන්ගේ ආගමට අනුව යාච්ඤා කිරීම් සිදුකර තිබෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දෙමාපියන් යාච්ඤා කරන අතරතුර දරුවා මියගොස් තිබේ. දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීමට නොකඩවා දෙමාපියන් විසින් යාච්ඤා කර ඇති අතර කිසිදු අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ඔවුන් කටයුතු නොමැති බව පොලීසිය පවසයි.

දරුවාගේ මියයෑම හේතුවෙන් නිවසේ සිටි මව, පියා සහ මිත්තණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

බඩල්ගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.