30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනීතිවිරෝධී මත්පෙති සමග පුද්ගලයෙක් ජා ඇළදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පෙති සමග පුද්ගලයෙක් ජා ඇළදී අත්අඩංගුවට

සමාජශාලාවලට නීතිවිරෝධී මත්පෙති බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජා ඇල පොලිස් වසමේ වික්ෂෝප මාතා පල්ලිය ඉදිරිපිටදී මෙම වැටලීමක් සිදුකර තිබෙන අතර එම අවස්ථාවේදී සැකකරු සතුව තිබී නීතිවිරෝධී මත්පෙති 259ක් සහ ඒවා බෙදාහැරීම සදහා යොදාගන්නා වෑන් රථයක් සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 ක පුද්ගලයෙකි. මෙම මත් පෙත්තක් රුපියල් 3000 සිට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.