27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමොරටුවේදී පොලිස් කොස්තාපල් පිං කැටේට විදියි

මොරටුවේදී පොලිස් කොස්තාපල් පිං කැටේට විදියි

  • Tags:
  • ~

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළදසැලක තිබූ පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වෙයි.

අත්අඩංගුවට පත් සැකකරු තානාපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවයකරන පොලිස් කොස්තාපල්වරයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. රාවතාවත්ත සුපිරි වෙළදසැලක තිබූ පිං කැටයක් කැඩූ පුද්ගලයකු එම වෙළදසැලේ සේවකයන් විසින් අල්ලාගෙන සිටින බවට ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුනු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු විසින් සොරාගෙන ඇත්තේ පුණ්‍යායතනයක් විසින් අසරණ වැඩිහිටියන්ගේ ඇසේ සුද ඉවත්කිරීමේ අරමුණින් අරමුදල් එකතුකිරීමට එම වෙළදසැලේ තබා තිබු පිංකැටයක් බවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොරාගත් එම පිං කැටයේ තිබී ඇත්තේ රුපියල් 1408ක මුදලක් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.