― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsහිටපු CID ලොක්කෙක්ට වැඩ වරදී

හිටපු CID ලොක්කෙක්ට වැඩ වරදී

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ නිවසක තිබී සොයාගත් රුපියල් ලක්ෂ 75ක මුදලක් නැවත එම පුද්ගලයාටම ලබා දුන් බවට සැක කරන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක් අරඹා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණු තොරතුරක් මත පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය අරඹා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් ප්‍රධානියෙකු ඇතුළු වත්මන් රාජකාරි කරන නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව මෙම විමර්ශනය අරඹා ඇති බව පොලිස් ආරංචිමාර්ග පෙන්වා දෙයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද විදේශිකයන් හා මුස්ලිම් ජාතිකයන් කිහිපදෙ‍නෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එක් පුද්ගලයෙකුගේ නිවසේ තිබී එම රුපියල් ලක්ෂ 75 සොයාගෙන ඇති අතර එම මුදල් මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ක්‍රියාවලින් උපයා ගන්නා ලද මුදල් බවට සැක කොට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එම මුදල් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගෙන තිබේ.

මෙම මුදල් උණ්ඩියල් ක්‍රමයට රට යැවීමට සූදානම් කර තිබූ මුදල් බවට සැකකරු විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවරිණි.

එම විමර්ශනයේදී එම රුපියල් ලක්ෂ 75 රෙදි ව්‍යාපාරවලින් උපයාගත් මුදල් බවට අනාවරණය වී ඇති බව සඳහන් කරමින් එම මුදල් යළි සැකකරුට ලබා දී තිබෙන බවට ලැබුණු තොරතුරු මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

අදාළ විමර්ශන වාර්තාව ළඟදීම මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතය.