26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද කෝටි දෙකක දේපල රැගෙන පලා ගිහින්

ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද කෝටි දෙකක දේපල රැගෙන පලා ගිහින්

ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනාද රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලීිසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත.

පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් ද සමග තම බිරිද දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකු බව මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

වයස අවුරුදු දෙකහාමරක සහ වයස අවුරුදු එකහාමාරක තම දරුවන් දෙදෙනා සිය බිරිද විසින් රැගෙන ගොස් ඇති බව පැමිණීල්ල සදහන් කර ඇතැයි ද මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිදට අයිතියක් නැතිද? යන්නය. එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා මෙම තැනැත්තිය දේපල කොල්ලකා පලාගොස් ඇති බවත් මේ වන විට විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියේය. එබැවින් ඇගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කළේය.

දරුවන් සහ දේපල රැගෙන යාමට නිත්‍යානුකූල බිරිදකට අයිතියක් ඇති බවත් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.