26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාරණය නොතකා අදත් සෞඛ්‍ය වර්ජනයේ

වාරණය නොතකා අදත් සෞඛ්‍ය වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද තවදුරටත් සෞඛ්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ.

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි. වාරණ නියෝග ලැබුණු වහාම විධායක කමිටුව රැස් වී ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව එහි සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන සෑම වැඩවර්ජනයක්ම දේශපාලන පසුබිමක් යටතේ සිදුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අවධාරණය කළේය.