― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාග ගැටලුව විමර්ශනයට කමිටුවක්

උසස් පෙළ විභාග ගැටලුව විමර්ශනයට කමිටුවක්

මෙවර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරි තත්ත්වය විමර්ශනයට විශේෂඥ කමිටුවක් පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

පසුගිය 09 වැනිදා චිත්‍ර විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා දීමේදී බද්දේගම ක්‍රිස්තූදේව පිරිමි විද්‍යාලයේ සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන දෙකක සිසුන්ට ගැටලු මතු විය.

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී සිසුන්ට ලබා දුන් චිත්‍ර ප්‍රශ්න පත්‍රයක් නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල විය.
ගම්පහ තක්ෂිලා විද්‍යාලයේදී සිදුව තිබුණේ චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සිසුන්ට ලබා නොදීමයි.

ප්‍රශ්නයට මුහුණ දුන් සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා විශේෂඥ කමිටුවෙන් උපදෙස් ලබාගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේය.