කැලණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන පවතින්නේ අද (11) දිනට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
අද රාත්‍රියෙන් පවතින ඉන්ධන අවසන් වීමට නියමිත බව එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි ප්‍රකාශ කළේය. බලාගාරයේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් ඊයේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා දී තිබේ.
කැලණිතිස්ස බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 165ක විදුලි ධාරිතාවක් එක් කෙරේ. අද දිනය තුළ ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් බලාගාරය අක්‍රීය වන බව ඇන්ඩෘ නවමුනි මහතා අවධාර්ණය කරයි.
පසුගිය 02 වැනිදා සිට කැලණිතිස්ස ඩීසල් බලාගාරයද ඉන්ධන නොලැබීම හේතුවෙන් අක්‍රීය කෙරුණු අතර සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් හෙට සිට යළි විදුලිය සැපයුමට බාධා එල්ල විය හැකි බව ඔහු පවසයි.
ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි. මිලදී ගත් ඉන්ධන සඳහා මුදල රුපියල් බිලියන 20ක් ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවා ඇත.