26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් ගැන අලුත්ම හෙළිදරව්වක්

ඔමික්‍රෝන් ගැන අලුත්ම හෙළිදරව්වක්

මෙරට සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් එම පුද්ගලයාගේ ආශ්‍රිතයිටන්ද වෛරසය වැළදීමේ ඉහළ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

අඛණ්ඩව 14 වැනි දිනටත් දහස ඉක්මවූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (13) මෙරටින් හදුනා ගැණිනි. ජනවාරි 30 වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14ක කාලය තුළ අඛණ්ඩව දහසේ සීමාව ඉක්මවමින් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් හඳුනා ගෙන තිබේ.

ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින්ගේ 1162ක් හදුනාගෙන ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 626,966 දක්වා ඉහළ ගියේය.

පෙරේදා තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වූ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා ඊයේ එම මරණ 23 තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,577 දක්වා ඉහළ ගියේය.