― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතන දෙකක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන දෙකක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැදවීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පවසයි.

මේ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීන් ලබන 23 වැනිදාද, ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් 24 වැනිදාද කෝප් කමිටුවට කැදවනු ලැබේ.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවීමෙන් පසු එම කාරක සභාවට ආයතන කැදවෙන පළමු අවස්ථාව මෙය වේ.