― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකාසල්රි, මාවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහළට

කාසල්රි, මාවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහළ බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසයි.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 155 වන අතර එහි ජල මට්ටම අඩි 118 දක්වා පහළ බැස ඇති බවත් මවුස්සාකැලේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 120 වන අතර එහි ජල මට්ටම අඩි 75 දක්වා අද (15) අලුයම 6.00 වන විට පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් අවධාරණය කරයි.

දැනට ජලාශයන් දෙකෙහිම ඉතිරිව තිබෙන ජල ධාරිතාව පානීය ජලය සදහා රඳවා ගනිමින් ජල විදුලි උත්පාදනය සදහා භාවිතා කෙරේ. එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කරමින් පවතී.