30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකෝටියක කුෂ් රේගුවෙදී අත්අඩංගුවට

කෝටියක කුෂ් රේගුවෙදී අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න වටිනාමකින් යුත් ‘කුෂ්’ ගංජා සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් පහක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක පිට පාර්සල් පහක් පරීක්ෂා කිරීමේදී බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ කැනඩාව යන රටවල්වලින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ව්‍යාජ ලිපිනවලට මෙම පාර්සල් එවා තිබූ බවත් එම පාර්සල් තුළ ‘කුෂ්’ නැමැති ගංජා ග්‍රෑම් 472ක් සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති 302ක් පෞද්ගලික භාණ්ඩ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බවත් රේගුව පවසයි.

එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.