27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකටට වෙඩි තැබීමෙන් සෙල්ලම ලෙල්ලම වෙයි

කටට වෙඩි තැබීමෙන් සෙල්ලම ලෙල්ලම වෙයි

කොස්ලන්ද ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකුගේ මුඛයට ඊයේ (14) බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් දරුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කරන්නට සිදුව තිබේ.

දරුවාගේ ඥාතියෙකු බව කියන 21 හැවිරිදි තරුණයෙක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇත. මේ හෙතුවෙන් දරුවාගේ මුඛය බරපතල ලෙස තුවාල වී ඇති අතර තුවාල ලැබූ දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා ඇත.

කොස්ලන්ද කැළිපනාවල ප්‍රදේශයේ ගෙවත්තකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර සෙල්ලම් කරමින් සිටියදී දරුවා බිය ගැන්වීමට මුඛය වෙත තුවක්කය යොමු කර තිබූ බවත් දරුවා එය ඉවතට ගන්නට සැරසෙද්දී වෙඩිල්ල පත්තු වූ බවත් තරුණයා පොලිසියට පවසා ඇත.

මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතල තත්වය මත දරුවාගේ දිවට දැඩි ලෙස හානි සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි. සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයා සහ වෙඩි තැබීමට යොදා ගත් බෙහෙත් කොටන තුවක්කුව අත්අඩංගුවට ගෙන තිබේ.