27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහොර මත්පැන් බෙදූ 'සුදු නෝනා' අත්අඩංගුවට

හොර මත්පැන් බෙදූ ‘සුදු නෝනා’ අත්අඩංගුවට

නීතීවිරෝධී මත්පැන් බෝතල් 270ක් සමග ඊයේ (14) රත්මලානේ දුම්රියපොළ අසළදී ‘සුදු නෝනා’ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය රත්මලාන, මොරටුව, අඟුලාන යන ප්‍රදේශවලට හොර මත්පැන් බෙදා හරින්නියක් බව පොලිස් විමරශනවලදී අනාවරණය වී ඇත.

36 හැවිරිශි ‘සුදු නෝනා’ රත්මලාන දුම්රියපොළ පාරේ පදිංචිකාරියකි. මෙම සැකකාරිය මීට පෙර අවස්ථා ගණනාවකදීද හොර මත්පැන් අලෙවිය සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරයි.