23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමතුගම වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මතුගම වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මතුගම, බාලිකා පාර ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙක් විසින් මරණයට පත්වූ කාන්තාවගේ නිවසට පැමිණ මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

මිය ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සඳහා අදාළ සැකකරුවන් පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරයි.

ඔහු එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර වෙඩි තැබීම්වලින් ඔහුට හානියක් සිදුවී නොමැති අතර මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.

එම ස්ථානයේ වැටී තිබී ටී 56 උණ්ඩ කොපු 06ක් මේ වනවිට සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.