― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsටයර් මිල ඉහළට

ටයර් මිල ඉහළට

රුපියල් 155ක් වූ ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය රුපියල් 203 දක්වා 31%කින් පමණ අව ප්‍රමාණ වී තිබීම ත්, එයට සමගාමීව යෙදවුම් පිරිවැය අධික ලෙස ද ඉහළ ගොස් තිබීම ත් හේතු කොටගෙන නැවත පිරවූ ටයරයක නිෂ්පාදන වියදම රුපියල් 9,000 දක්වා වැඩි වී තිබෙන බව දැනුම් දෙන නිෂ්පාදන සමාගම් අවම වශයෙන් 25%ක මිල වැඩිවීමක් නොලැබුණහොත් 15 වන දින සිට ශ්‍රී ලංගම වෙත ටයර් ලබාදීමට නොහැකි බව ටයර් සැපයුම්කරුවන් දැනුම් දී තිබේ.

මේ තත්ත්වය යටතේ ටයර් නොලැබුණහොත් පවතින වෙළෙඳපොළට අනුව ටයර්වල හිඟතාවත් නව ටයර් මිලදී ගැනීම සඳහා ලංගමට මූල්‍යමය හැකියාවක් නොමැති වීම ත් හේතුවෙන් දෛනික බස්රථ ධාවනය අඩාල විය හැකි බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සන්දේශයක් මගින් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා තිබේ. 

මෙම මිල වැඩි කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීමට රාජ්‍ය අමාත්‍යංශ මගින් ඉකුත් ජනවාරි 18 වන දින තාක්ෂණික ඇගැයීම් කමිටුවක් පත්කළ අතර එම කමිටුව මගින් ද මෙම ඉල්ලීම සාධාරණ බව තහවුරු කර ඇතැයි ද ප්‍රවාහන ඇමතිවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයේ සඳහන් කොට තිබේ.

ලංගමට දිනපතා ධාවන කටයුතු පවත්වාගෙන යාමට නව ටයර් 1800ක්, පෙරසවි ටයර් 10,184ක් සහ නැවත පුරවන ලද ටයර් 2016ක් වශයෙන් ටයර් 14,600ක අවශ්‍යතාවක් පවතින බව ද ඇමතිනිය පෙන්වා දෙයි.

ඇමතිනිය ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වන තෙක් ශ්‍රී  ලංකාවට ටයර් සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාව සලකා නැවත පිරවුම් හා පෙරසවි සැපයීම් සේවාව පවත්වාගෙන යාමට  ගිවිසුම් අනුව සේවා සපයන්නන්ගෙන් තවදුරට ත් එම සේවය ලබා ගැනීමට අනුමැතිය දෙන ලෙසය. 

එසේ ම, සේවා සපයන්නන් ඉල්ලා සිටින මිල වැඩි කර ලබාදීම සුදුසු බව ද ඇමතිනිය ප්‍රකාශ කරයි.