30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිඟ බිල් නොගෙව්වොත් අධිභාරයක් හෝ විදුලි විසන්ධියක්

හිඟ බිල් නොගෙව්වොත් අධිභාරයක් හෝ විදුලි විසන්ධියක්

මාසික විදුලි බිල්පත් නියමිත වේලාවට ගෙවීමට කටයුතු නොකරන පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි සමාගම අයවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 50ක් වැනි විශාල අගයක් ගෙන ඇත.

ඒ අනුව වත්මන් මාසයේ බිල්පත ඇතුළුව මාස තුනක් ඇතුළත නොගෙවූ හිඟ මුදල් ගෙවන ලෙස පාරිභෝගිකයින්ට දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිම සහ ලෙකෝ වෙත නියෝගයක් නිකුත් කරනු ඇත.

එසේ නොවන්නේ නම් අධිභාරයක් අය කිරීමට හෝ විදුලිය විසන්ධි කිරීමට තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාප කියයි.